උතුරු සයිප්‍රසයේ කිරීනියා (Kyrenia) වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී මගීන් සහ කාර්ය මණ්ඩලය 270කට ආසන්න පිරිසක් රැගත් මගී යාත්‍රාවක් (Ferry) මුහුදුබත්වීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වේ.
කිරීනියා වරායෙන් තුර්කියේ ටසුචු (Tasucu) බලා ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාව පිටත්වී සුළු මොහොතකින් ජලයෙන් යට වීමට පටන්ගෙන ඇති අතර, තුර්කි සයිප්‍රියානු නායක ටුෆාන් එර්හුර්මාන් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට පුද්ගලයන් 237 දෙනෙකු ජීවත්ව බේරාගෙන ඇති බවයි. අතුරුදන් වූ පිරිස් සෙවීම සඳහා වෙරළාරක්ෂක යාත්‍රා සහ හෙලිකොප්ටර් යොදවා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.














