2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සංවිධායක මණ්ඩලයේ (LA28) සභාපති කේසි වෝසර්මන්ට (Casey Wasserman) එරෙහිව එල්ල වී ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ ඇති වී තිබෙන දැඩි අවධානය පිළිබඳව තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ඇමෙරිකානු ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව (USOPC) ඊයේ (15) ප්‍රකාශ කළේය ජෙෆ්රි එප්ස්ටයින්ට (Jeffrey Epstein) අදාළව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ ලිපිගොනුවල වෝසර්මන්ගේ නම සඳහන් වීම මෙම ආන්දෝලනයට හේතු වී තිබේ
ඇමෙරිකානු ඔලිම්පික් කමිටු සභාපති ජීන් සයික්ස් (Gene Sykes) පවසා ඇත්තේ මේ පිළිබඳව ක්‍රීඩකයන් ඇතුළු පාර්ශවකරුවන්ගේ අදහස්වලට තමන් සවන් දුන් බවත් සිය කනස්සල්ල ලොස් ඇන්ජලීස් ඔලිම්පික් පාලක මණ්ඩලය වෙත සෘජුවම දැනුම් දුන් බවත්ය මේ අතර 2028 ඔලිම්පික් උළෙලේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ද ලොව පුරා ආරම්භ වී ඇති අතර ඩොලර් 28 ක් වැනි අඩු මිලට ප්‍රවේශ පත්‍ර මිලියනයක් වෙන් කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත එහෙත් ප්‍රවේශ පත්‍ර සඳහා අය කරන 24% ක සේවා ගාස්තුව (Service fee) පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර යම් විවේචනයක් ද හටගෙන තිබේ















