එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, මුහුදු මාර්ගයෙන් කොකේන් ජාවාරම් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පසුගිය සඳුදා (ජූනි
පස්වරුවේදී NCA නිලධාරීන් විසින් ඊස්ට්බෝන් මැරිනා (Eastbourne Marina) ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී ‘නිව් හොරයිසන්’ (New Horizon) නම් ධීවර යාත්‍රාවක තිබී පවුම් මිලියන 34ක් වටිනා කිලෝග්‍රෑම් 425ක කොකේන් තොගයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සැකකරුවන් හතර දෙනෙකු යාත්‍රාවෙන් ගොස් ඉංග්‍රීසි ඇළ මාර්ගයේදී තවත් යාත්‍රාවකින් බාගත කළ මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ආපසු පැමිණි බවට චෝදනා එල්ල වී තිබේ. පස්වන සැකකරු යාත්‍රාවේ නොසිටි අතර, සෙසු පිරිස වරායට පැමිණි පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා බ්‍රයිටන් සහ හෝව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලූවස් ක්‍රවුන් අධිකරණය හමුවේ ජූලි 8 වන දින පෙනී සිටින ලෙස නියෝග කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔවුන්ට එරෙහිව පවරා ඇති ප්‍රධාන චෝදනාව වන්නේ තහනම් මත්ද්‍රව්‍යයක් නීතිවිරෝධී ලෙස රට තුළට ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීමයි. අත්අඩංගුවට ගත් පිරිස අතර ඇලන් ජෝන් කොල්කුහෝන් (49), විලියම් ඩොනහෝ (38), ඉයන් ස්මිත් (49), ජේකබ් ක්‍රොනින් (31) සහ ඩැනියෙල් රෆෙල් (35) යන අය වෙති. NCA ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී කාල් බරාස් මහතා පැවසුවේ, මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම අදාළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමට විශාල පසුබෑමක් බවත්, මත්ද්‍රව්‍ය තර්ජනයට එරෙහිව කටයුතු කිරීම ජාතික අපරාධ ඒජන්සියේ ප්‍රමුඛතාවක් බවත්ය. මෙම මෙහෙයුම සඳහා ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය, සසෙක්ස් පොලිසිය සහ ස්කොට්ලන්ත පොලිසිය සහාය ලබා දී තිබේ.
















