ලබුගම–කලටුවාව සිට මහරගම දක්වා වූ ප්‍රධාන ජල සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදු කළ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි.
මේ වන විට එම ප්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.
















