• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් – ඇමැති රමේෂ්

21 May 2024
in දේශීය, පුවත්
සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් – ඇමැති රමේෂ්

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති බවත්, වාත්තීය ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමේ දී භාෂා හැකියාව අඩුවීම ප්‍රධාන අභීයෝගයක් වී ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

2015 / 2016 / 2017 යන වර්ෂවල උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක් වරක දී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවන ලද අතර, ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836 ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 % ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40 ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස් වල බවයි.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති බවත්, වාත්තීය ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමේ දී භාෂා හැකියාව අඩුවීම ප්‍රධාන අභීයෝගයක් වී ඇති බවද පැවසීය. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති ලොකුම අඩුව භාෂා දැනුම පසුගාමී තත්ත්වයක පැවැතීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 12,860
Previous Post

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය , සංචාරකයන්ගේ අනුවයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ජනපතිගේ උතුරු සංචාරයට ඇමැති ඩල්ගස් පුර්ව සුදානමක්

editor ttvnews

editor ttvnews

Next Post
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

ජනපතිගේ උතුරු සංචාරයට ඇමැති ඩල්ගස් පුර්ව සුදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved