27 April 2024
#දේශීය

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

ලේක්හවුස් ආයතනය සංචාරක හෝටලයක් කිරීමට කිසිදු අවස්ථාවකදී සැලසුම් කර හෝ එය සිහිනෙන්වත් සිතුවේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (02) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍ය ධුරයේ සිටින තෙක් එවැනි දේ සිදු කිරීමට ඉඩ නොදෙන බවයි.

එසේම මේ වන විට මාධ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබමින් සිටින අතර ඒ පිළීබඳ වඩා සැලකිලිමත් විමෙන් කටයුතු කල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *