උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ප්‍රශ්න කර සිටින්නේ, ජනතා ජන බලවේගයේ (මාලිමාව) ප්‍රධාන ලේකම් ලාල් කාන්ත විසින් මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවකට විරුද්ධව පවරන බව කියූ නඩුවට සිදු වූයේ කුමක්ද යන්නයි.
පසුගිය වකවානුවේදී අදාළ නාලිකාව විසින් තමන්ට එරෙහිව සිදු කළ බව කියන අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබූ බව සිහිපත් කරන ඒ මහතා, මේ වන තෙක් එම නඩුව ගොනු කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය සටහන ඔස්සේ මෙලෙස ඍජුව ප්‍රශ්න කර තිබේ.
















