රජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදු කළ බවට චෝදනා මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන)වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ සමයේ සිය නිල බලය අයුතු ලෙස භාවිත කර, ආයතනික ලිපි ශීර්ෂ යොදාගෙන විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ වාර්තාවක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වාර්තාව මගින් බොරැල්ල, එලියට් පාරේ වරිපනම් අංක 30 දරන ස්ථානයේ පිහිටි හෙක්ටයාර් 1.0982ක රජයේ ඉඩමක් පෞද්ගලික පාර්ශ්වයකට අයත් ඉඩමක් ලෙස පෙන්වා ඇති බව සඳහන්.
එම ඉඩමේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 1,586,000,000ක් හෙවත් රුපියල් කෝටි 158කට අධික බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රියාව හරහා රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුකර වෙනත් පාර්ශ්වයකට අනිසි වාසියක් සැලසූ බවට සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
















