ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා.
කොළඹ වරායේ බහාලුමක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුක්ත බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මීට පෙරද පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගෙන තිබූ බව වාර්තා වී තිබෙනවා.
රන්මල් කොඩිතුවක්කු මහතා මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරනවා.
මේ අතර, කොළඹ වරායේ අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම සම්බන්ධ විමර්ශන අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කිරීමට අදාළව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තා වී තිබෙනවා.
















