තම ඉඩමෙන් කොටසක් වෙනත් පුද්ගලයකු විසින් බලෙන් අල්ලාගෙන ඇති බව පවසමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පියසේන දිසානායක මහතා විසින් ඊයේ (03දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ජනාධිපතිවරයා හමුවීම සඳහා ආරම්භ කරන ලද පාගමනක් අතරමඟදී කොටුව පොලීසිය විසින් වළක්වන ලදී.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඔහුව ත්‍රිරෝද රථයකින් ආරක්ෂාකාරීව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන ගොස් එහි අදාළ අංශයේ නිලධාරීන් මුණගස්වා තිබේ. එහිදී ඔහුගේ ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, පියසේන දිසානායක මහතාගේ ඉඩම් ප්‍රශ්නයට අදාළ විසඳුම් සති දෙකක් ඇතුළත ලබා දීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කර ඇත.














