ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන පසුබිමක, එම නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා සහ ක්‍රමවේද ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යුත් යෝජනාවකට අත්සන් තබා තිබෙනවා. මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රී කණ්ඩායම විසින් නිල වශයෙන් අත්සන් තබා ඇති අතර, අදාළ යෝජනාව අද (04) දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාර දීමට නියමිතව ඇත. රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දිගුකාලීනව ඇදී යන නඩු කටයුතු ඉක්මනින් විසඳීම සඳහා ගනු ලබන මෙම පියවර පිළිබඳව ඔබේ අදහස කුමක්ද? පහළින් කමෙන්ට් කරන්න!














