පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා හෙට (05) උදෑසන 9 දක්වා මෙම රතු නිවේදන බලපැවැත්වෙන අතර, අදාළ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ
මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර, පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්














