• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Lanka Diagnostics සහ Greenthru Safety Mediacare නිෂ්පාදනාගාරවලට ඉදිකිරීම ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන්

1 April 2019
in ව්‍යාපාර

ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන සහ 10 ඖෂධ සහ රසායනාගාර සදහා සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේදී සිදු කෙරිණි.

දේශීය පෞද්ගලික සමාගම් දෙකක් වන Lanka Diagnostics (pvt) Ltd සහ Greenthru Safety Mediacare (pvt) Ltd ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලා මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි.

Lanka Diagnostics (pvt) Ltd සමාගම පැරසිටමෝල් ඖෂධ වර්ගයක් නිෂ්පාදනය කරන අතර, ඒ සදහා වූ ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වෙයි.
Greenthru Safety Mediacare (pvt) Ltd සමාගම විසින් සිරින්ජර ඇතුලු රාසායනාගාර සදහා භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරනු ලබයි. ඒ සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05 ක් වෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග වසර 15 ක කාලයක් ඒකාබද්ධව ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිත කරන ප්ලාස්ටිස් උපාංග නිෂ්පාදනය කරයි. ජාත්‍යන්තර තලයට හා නවීන විද්‍යාගාරානුකූලව එම ඖෂධ නිෂ්පාදනය කිරිමට නියමිතය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර, බුලත්සිංහල, ජා-ඇල, බණ්ඩාරගම යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 08 ක් මේ වන විට ආරම්භ කර ඇත. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

Post Views: 14
Previous Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රු. මි. 79ක් වටිනා ණය 46,673ක් නිකුත් කර අවසන්

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින නියම කිරීම ඉදිරියේදී … ! ජනපති

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින නියම කිරීම ඉදිරියේදී ... ! ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved