2026/2027 වර්ෂය සඳහා ලංකා මහිලා සංගමයට නව නිලධාරීන් පත් කර ගැනීම සහ වාර්ෂික මහා සභා රැස්වීම හෙට (04) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මාලඹේ, වැලිවිට, නුවර පාරේ පිහිටි (අංක 168/1/1) එම සමිති මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වේ.
මෙදින සංගමයේ මධ්‍යම මණ්ඩලය සඳහා වූ විධායක කමිටුව පත් කර ගැනීමට නියමිත බැවින්, සියලුම සාමාජිකාවන්ට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංගමයේ ප්‍රධාන ලේකම් ඩල්සි ගුණවර්ධන මහත්මිය ඉල්ලා සිටියි.
















