Lanka Metro Transit බස් රථ සේවාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන මාර්ග දෙකක් සඳහා නව නැවතුම් ස්ථාන කිහිපයක් අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ මගී පහසුව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව නව නැවතුම් ස්ථාන එක් කර ඇති මාර්ග පහත පරිදි වේ:
මාකුඹුර – කොළඹ කොටුව මාර්ගය:
පන්නිපිටිය, තලවතුගොඩ, පාලම් තුන හංදිය සහ කාසල් රෝහල.
මාකුඹුර – කඩවත මාර්ගය:
පන්නිපිටිය, මහරගම, නාවින්න, කිරුළපන, යුද හමුදා රෝහල (බොරැල්ල) සහ දෙමටගොඩ.
මෙම නව නැවතුම් ස්ථාන හඳුන්වා දීමත් සමඟ Lanka Metro සේවාව භාවිතා කරන මගීන්ට තලවතුගොඩ සහ බොරැල්ල වැනි ප්‍රධාන නගර කරා ළඟාවීම වඩාත් පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













