2026 වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා වන නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිලධාරීන්ගෙන් සමන්විත මෙම මණ්ඩලයේ තරග තීරකවරුන් ලෙස රංජන් මඩුගල්ලේ, ග්‍රේම් ලැබ්‍රෝයි, වෙන්ඩල් ලැබ්‍රෝයි, මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජෙයප්‍රගාෂ් කටයුතු කරනු ඇත. කුමාර් ධර්මසේන, වේන් නයිට්ස් සහ අසීෆ් යාකූබ් ඇතුළු ජාත්‍යන්තර මෙන්ම දේශීය විනිසුරුවන් රැසක් විනිසුරු මණ්ඩලයට ඇතුළත් වේ. 2026 LPL තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
















