“ලංකා සතොස” සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක කළ “සතොසින් පිරි අවුරුදු සිරි” අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය අද (19) දින සිදු කිරීමට නියමිතය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජයග්‍රාහකයන් වෙත BAW කාර් රථ, යතුරුපැදි (ස්කූටර්) සහ ස්මාර්ට් ෆෝන් 100ක් ඇතුළු වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමට නියමිතව ඇත. පාරිභෝගික ජනතාව වෙත සහන මිලට භාණ්ඩ ලබා දීම මෙන්ම මෙවැනි දිරිගැන්වීමේ වැඩසටහන් හරහා සතොස ආයතනය පාරිභෝගිකයන් සමඟ දැඩි සබඳතාවක් පවත්වා ගැනීමට කටයුතු කර තිබේ.
















