• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාම්බෝජයේ ශ්‍රී ලාංකීක ව්‍යාවසායකයින්ටත් අවස්ථා – අගමැති 

13 September 2018
in ව්‍යාපාර

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා පැමිණෙන මෙන් ආරාධනා කළ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් (H.E. Hun Sen) මහතා ඒ සඳහා සියළු පහසුකම් ලබා දීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද පැවසීය.

හැනෝයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ අද (13) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සෙන් මහතා තවදුරටත් පැවසූයේ දෙරට අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කරලීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවය.

අන්‍යෝන්‍ය ආයෝජන ආරක්‍ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරලීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර වීසා වලින් නිදහස් කරලීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වයකට පැමිණියහ.

1979 වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා, ඒ අවස්ථාවේදී වැඳ පුදා ගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ද සිහිපත් කළේය.

දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද කටයුතු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය.

මේ කාර්යයන් විධිමත් කරලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවත්වීමට ද තීරණය කෙරිණි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මේ අවස්ථාට එක්වූහ.

 

Post Views: 8
Previous Post

යාපනයේ නොවිසඳුණු ප්‍රශ්න 180,000ක් බව ඇමැති වජිර කියයි 

Next Post

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

editor

editor

Next Post

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved