27 April 2024
#දේශීය

අඩපන වූ සංවර්ධන වැඩසටහන් යළි ආරම්භ කරන බව ලාන්සා කියයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණ වී තිබූ සංවර්ධන කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ අනුව වත්තල, ජා ඇල, මීගමුව, කටාන ප්‍රදේශයන් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් යටතේ සංවර්ධන කටයුතු සිදු කරන බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය සමාජය තුළ ව්‍යාප්ත වීම දැඩි ලෙස පාලනය කරමින් පියවරෙන් පියවර සෞඛ්‍ය අංශ උපදෙස් මත වඩාත් ආරක්ෂා කාරී ලෙස දෛනික කටයුතු ආරම්භ කිරීමට හැකි වීමත් සමග රටේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කරමින් සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අවස්ථාව උදා වී ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව පෙළ ගස්වනු ලබන සංවර්ධන වැඩසටහන් පරිසර හිතකාමී ලෙස සිදු කිරීම වත්මන් රජයේ අරමුණ බව හෙතෙම පැවසිය.

වත්තල, ජා ඇල, කටාන, මීගමුව ආදී ප්‍රදේශ සංචාරක කර්මාන්තය සදහා දියුණු කිරීම, ධීවර කේෂ්ත්‍රයේ සංවර්ධන කටයුතු, ස්වයං රැකියා ඇතුළු අංශ කිහිපයක් යටතේ දියුණු කරමින් ආර්ථිකය නංවාලීමට කටයුතු කරන බවත්, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම යටතේ දිළිදු පවුල් නගා සිටුවීමට ග්‍රාම ශත්කි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

ධීවර තොටුපොළවල් සංවර්ධනය, ධීවර වෙළදපොලවල් සංවර්ධනය, ආර්ථික කළාප, මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය මෙම කලාපය තුළ සිදු කිරීමට නියමිත බව ඔහු අනාවරන කලේය.

කැළිකසල කළමණාකරණය, වැසි ජලය පාලන සදහා වන මතුපිට කාණු පද්ධතිය, හැමිල්ටන් ඇළ ව්‍යාපෘතිය ආදිය පසුගිය රජය විසින් නිසි කලමණාකරණයකින් තොරව පවත්වාගෙන යාම නිසා ජනතාව විශාල ගැටළු වලට මුහුණු පෑමට සිදු විය. මුතුරාජවෙල හා සබැදි වත්තල, ජා ඇල, කටාන සහ මීගමුව ආදී ප්‍රදේශ සංවර්ධනයේදී ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු සිදු කරන බව නිමල් ලාන්සා මහතා වැඩිදූරටත් පැවසීය.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *