දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා තම මාමණ්ඩිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
මාලිංග සඳහන් කර ඇත්තේ රේණුක පෙරේරා මහතාට සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනෙකු පමණක් බවයි. තම නම මෙම සිදුවීමට ඈඳා අසත්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.
මේ අතර, රේණුක පෙරේරා මහතා දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බස් මගී ප්‍රවාහන බලපත්‍ර 56ක් නිකුත් කිරීම සම්බන්ධ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු සැප්තැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.













