වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
ප්‍රදේශ රැසකින් මේ දිනවල මත්ස්‍ය තොග වැඩි වශයෙන් ලැබීම ඊට ප්‍රධාන හේතුව බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළා.
ඒ අනුව අද ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් ලෙස සටහන් වී ඇති අතර, බලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වනවා.














