වත්මන් රජය කිසිදු ආකාරයකින් වංචාවට හෝ දූෂණයට සම්බන්ධ නොවන බවත්, රජයේ පාරිශුද්ධභාවය පිළිබඳව තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත් නීතිඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි. ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බිමල් රත්නායක යන මහත්වරුන් කමිටු හමුවට කැඳවීමට දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජයක් ලෙස දූෂණයට එරෙහිව පෙනී සිටින බවත් එවැනි අක්‍රමිකතාවලට කිසිසේත්ම ඉඩ නොතබන බවත්ය. රජය ගන්නා තීන්දු තීරණ පිළිබඳව හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන බව පවසන වටගල මහතා, විපක්ෂයේ දේශපාලන උපායමාර්ගවලට රජයේ ගමන අඩාල කළ නොහැකි බව ද වැඩිදුරටත් පැවසීය.














