• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Leadership Training Camp & Workshop 2026 සමාරම්භක වැඩසටහන නාඋලදී සාර්ථකව අවසන් වේ

13 July 2026
in දේශීය, පුවත්
Leadership Training Camp  & Workshop 2026  සමාරම්භක වැඩසටහන නාඋලදී  සාර්ථකව අවසන් වේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) එක්ව සංවිධානය කරන “Leadership Training Camp & Workshop 2026” ජාතික නායකත්ව පුහුණු සහ වැඩමුළු මාලාවේ ප්‍රථම අදියර, නාඋල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, වර්තමාන සමාජයීය හා ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි, විචාරශීලි චින්තනයෙන් හා නායකත්ව කුසලතාවයෙන් හෙබි තරුණ පරපුරක් නිර්මාණය කිරීමයි. ජූලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, තෙදින නේවාසික කඳවුරු ලෙස පැවැත්වේ.
මෙම සමාරම්භක කඳවුර සඳහා තරුණ තරුණියන් 125 දෙනෙකු සහභාගී වූහ. ඔවුන් අතර ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් 75 දෙනෙකු සහ ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් 2026 දෙවන කණ්ඩායමේ ඉහළම කුසලතා දැක්වූ යොවුන් ශිෂ්‍යභටයින් 50 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.
පසුගිය 10 වැනිදා ආරම්භ වූ මෙම තෙදින පුහුණු වැඩසටහන තුළ නායකත්ව කුසලතා සංවර්ධනය, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම, ත්‍රාසජනක ක්‍රියාකාරකම් මත පදනම් වූ අභියෝගාත්මක පුහුණුවීම් (ABT), යෝගා වැඩසටහන් මෙන්ම පෞරුෂ වර්ධනය අරමුණු කරගත් දේශන රැසක් පැවැත්විණි.
සමාරම්භක පුහුණු වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සහභාගී විය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ අනාගත නායකත්වය භාරගැනීම සඳහා තරුණ තරුණියන් සූදානම් කිරීම රජයේ වගකීමක් බවයි. දේශපාලන සංස්කෘතිය වෙනස් වී ඇති පසුබිමක, අනාගතයේදී තරුණ නායක නායිකාවන්ට වැඩි අවස්ථාවන් හිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ සේවා සභාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩසටහන් මාලාවේ මීළඟ අදියර බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින්, ජූලි 24, 25 සහ 26 යන දිනවලදී හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 3
Previous Post

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අනුස්මරණ පින්කමක්

Next Post

අද රන් මිලේ තියුණු පහත වැටීමක් රන් අවුන්සයක මිල රුපියල් 1,309,161ක් දක්වා පහළට

Editor TTV News

Editor TTV News

Next Post
Leadership Training Camp  & Workshop 2026  සමාරම්භක වැඩසටහන නාඋලදී  සාර්ථකව අවසන් වේ

අද රන් මිලේ තියුණු පහත වැටීමක් රන් අවුන්සයක මිල රුපියල් 1,309,161ක් දක්වා පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved