මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කරමින්, ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අද (13) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වූ මෙම පින්කම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම පින්කම මගින් මියගිය නිලධාරීන් සහ රැඳවියන් සිහි කර පින් අනුමෝදන් කළ අතර, එම සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිලධාරීන්ට සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද වැඩසටහනක් ද සිදු කෙරිණි.
















