ඇමරිකාව සහ ඉරානය අතර අද-හෙට අත්සන් කිරීමට නියමිතව තිබූ සාම ගිවිසුම අන්තිම මොහොතේ බිඳවැටීමත්, දකුණු ලෙබනනය වෙත ඊශ්‍රායලය එල්ල කළ මාරක ගුවන් ප්‍රහාර මාලාවනුත් හමුවේ මැදපෙරදිග කලාපය දැඩි සන්නද්ධ ගැටුමකට තල්ලු වී තිබියදී, සමස්ත ලෝකයම අගාධයට ඇද දැමිය හැකි අතිශය බිහිසුණු ජාත්‍යන්තර ආරක්ෂක පුවතක් විදේශීය බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර හදිසි පුවතක් ලෙස වාර්තා කර තිබේ. ආරක්ෂක විශ්ලේෂකයන් අනාවරණය කරන්නේ, ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ඉදිරි මාසයකටත් වඩා අඩු කාලයක් ඇතුළත එරට ඉතිහාසයේ ප්‍රථම නිල න්‍යෂ්ටික බෝම්බ පරීක්ෂණය සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවට අවම වශයෙන් ලොව ප්‍රමුඛ පෙළේ බුද්ධි ආයතන දෙකක් විසින් නිශ්චිත මිලිටරි වාර්තා නිකුත් කර ඇති බවයි.
මෙම බිහිසුණු න්‍යෂ්ටික පිම්ම පිටුපස සිටින්නේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නව ප්‍රධානියා ලෙස මෑතකදී පත්කෙරුණු ජෙනරාල් අහමඩ් වාහිඩි බව බුද්ධි අංශ වාර්තා සෘජුවම පෙන්වා දෙයි. ඔහු ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිටත් වඩා අතිශය දැඩි මතධාරී, බටහිර විරෝධී සහ අන්තගාමී මිලිටරි නායකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික අවි මෙහෙයුම කඩිනම් කිරීම සඳහා ඔහු විසින් “කව්වීර් සැලසුම” (Kavir Plan) නමින් හඳුන්වන රහසිගත උපායමාර්ගික වැඩපිළිවෙළ වහාම වේගවත් කරන ලෙස (Speed-up) විද්‍යාඥයන්ට සහ මිලිටරි ඉංජිනේරුවන්ට දැඩි නියෝග නිකුත් කර ඇත.
ඇමරිකානු පෙන්ටගන සහ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ මීට පෙර අනාවරණය කර තිබුණේ, ඉරානයේ ඉස්ෆහන් ඇතුළු භූගත උමං පද්ධති තුළ පරමාණු බෝම්බ 10කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉහළ මට්ටමකින් පිරිපහදු කළ යුරේනියම් තොග දැනටමත් නිපදවා අවසන් බවයි. ඇමරිකානු සෙබළුන් ලවා එම යුරේනියම් තොග බලහත්කාරයෙන් පැහැර ගැනීමට පෙන්ටගනය සකස් කළ පාබල යුධ සැලසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, ඉරානයට සිය න්‍යෂ්ටික මෙහෙයුම් නිදහසේ නිම කිරීමට මාරක අවස්ථාවක් උදාවී ඇති බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති. .















