මැද පෙරදිග කලාපයේ මාස ගණනාවක් තිස්සේ පැවති ගැටුම් නිමා කරමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් සඳහා වන රාමුවක් දෙපාර්ශවය විසින් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අද (13) නිවේදනය කළේය. ගිවිසුමේ අවසන් කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත්, ඉදිරි පැය 24ක කාලය තුළ එහි විද්‍යුත් අත්සන් තැබීමේ ක්‍රියාවලිය සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව, ලබන සතියේදී දෙරට අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. පාකිස්තානය මෙම සාම ක්‍රියාවලියේ ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර, ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවතී.
දශක ගණනාවකට පසු දෙරට අතර ඇති වන මෙම රාජ්‍ය තාන්ත්‍රික හැරවුම් ලක්ෂ්‍යය, කලාපීය ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ගිවිසුම හරහා කලාපයේ පවතින උණුසුම් වාතාවරණය සමනය වී, ඉදිරි සති කිහිපය තුළ ස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.















