ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කරන මිලිටරි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,412 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 10,269 දෙනෙකු තුවාල ලබා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මෙම නිල දත්ත වාර්තාවට පසුගිය මාර්තු 2 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළ එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුවලට ලක්වූවන්ගේ සමස්ත සංඛ්‍යාව ඇතුළත් කර තිබේ. කලාපය තුළ පවතින මෙම දරුණු යුධමය වාතාවරණය හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති.

