කවර ආගමකට හෝ ධර්මයකට වුවද හානිවන ආකාරයට ප්‍රකාශ සිදු කරන පුදගලයින්ට එරෙහිව තරාතිරම නොබලා රජය නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (29) මහරගම ශ්‍රී සිසිලවර්ධනාරාම විහාරස්ථානයේ ඉදි කරන ලද නව වෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
බුදුදහමට පමණක් නොව කවර ආගමකට හා ධර්මයකට වුවත් හානිවන ආකාරයට යම් යම් ප්‍රකාශ කරන කවර තරාතිරමකට අයත් පුද්ගලයෙකුට වුවත් එරෙහිව රජය නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා පොසොන් උත්සවය ආගමික උත්සවයක් බවත්, එවැනි උතුම් ආගමික උත්සවයක් කානිවල් එකක් බවට පත් කිරීමට සමහරු උත්සාහ කරන බවත්, එවැනි තත්ත්වයක් අනවශ්‍ය බව ද සඳහන් කළේය.