27 April 2024
#දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා – දේශීය හා ආයුර්වේද වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පවත්වන, දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙලමින් සිටින බවත්, ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේ අයිතිය අහිමි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව පවසයි.

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරු ආබාධ සදහා ආයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ඇති බවත්, එසේ අතුරු ආබාධ ඇති පුද්ගලයින් සදහා කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව සමග එක්ව පැවැත්වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාධා පමුණවමින් සිටින බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැදවුම්කරු සුමුදු ලියනාරච්චි අලුත්වලදී අද (28) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදි අවධාරණය කළාය.

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප‍්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ අදහස් දැක්වුවත් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර සදහා බාධා පමුණවමින් කටයුතු කරන ආකාරයෙන් ඔහුගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් වන බවද වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *