‘ද පියානෝ’ (The Piano) සහ ලොව පුරා අතිශය ජනප්‍රිය ‘ජුරාසික් පාර්ක්’ (Jurassic Park) චිත්‍රපට මාලාව තුළින් ලොව පුරා රසික හදවත් දිනාගත්, නවසීලන්ත ජාතික ප්‍රවීණ නළු සෑම් නීල් වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ අභාවය පිළිබඳ පුවත සඳුදා ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කරන ලදී. මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
දශක ගණනාවක රංගන දිවිය තුළ ඔහු විවිධ වූ චරිත නිරූපණය කරමින් හොලිවුඩයේ මෙන්ම ලෝක සිනමාවේ සිය සලකුණ තැබූ විශිෂ්ට රංගන ශිල්පියෙකි. ඔහුගේ වියෝව පිළිබඳ පුවතත් සමඟ ලොව පුරා සිනමා රසිකයින් සහ සෙසු කලාකරුවන් සිය ශෝකය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටිති.
















