• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දේශපාලන පළිගැනීම්වලට නීත්‍යානුකුල විසදුම්

2 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයට පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිත්‍යානුකූල පදනමක් මත සිදුකර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එම ක්‍රියාවලිය ඇතුළු විවිධ ක්‍රියාවලීන් දේශපාලන මුහුණුවරින් යුතුව, අසාධාරණ ලෙස විවේචනය කිරීම හරහා රටේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අමාත්‍යවරයා පැවසිය.

ඇතැම් මුද්‍රිත මාධ්‍යයන් විසින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා අසත්‍යය මාධ්‍ය වාර්තා පළ කිරීම දැඩි ලෙස හෙළා දකින බවත්, විවිධ දේශපාලන කරුණු සඳහා ප්‍රතිචාර දැක්වීමට රටේ දරුවන්ගේ අධ්‍යාපනය යොදාගැනීම දැඩි ලෙස පිළිකුල් සහගත බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එමෙන්ම, ලබන 04 වැනිදා රටේ සියලු පාසල් වසා දමන බවට එක්තරා ජාතික පුවත්පතක් විසින් පළ කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බවත්, රටේ පාසල්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව තීන්දූ තීරණ ප්‍රකාශ කිරීම සඳහා පුවත්පතකට කිසිදු අයිතියක් නොමැති බවත්, අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම වත්මන් රජය විසින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූන් සඳහා සහන සැලසීමේ දී කිසිදු ලෙසකින් පක්ෂ භේද මත පදනම්ව කටයුතු කර නොමැති බවත්, එම කටයුත්ත අවිධිමත් ලෙස සිදු කළ බවට චෝදනා නගන බොහෝ පිරිස්, පසුගිය රජයන් සමයේ දී එලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි පවසමින් උසස්වීම් ලබාගත් අය බවත් අමාත්‍යවරයා කියා සිටියා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා වත්මන් රජය විසින් පත්වීම් ලබාදීම විධිමත්ව, සුදුසුකම් මත පමණක්ම සිදුකර ඇති බවයි අමාත්‍යවරයා තහවුරු කළේ.

පසුගිය රජය සමයේ දී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් 6000 කට අධික සංඛ්‍යාවකට කිසිදු විනිවිදභාවයකින් තොරව පත්වීම් ලබා දුන් නමුත්, වත්මන් රජය විසින් එම කටයුත්ත සිදුකිරීමේ දී කැබිනට් මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතියට යටත්ව විනිවිදභාවයකින් යුතුව සිදුකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන ලබාදීමේ කටයුත්ත සාධාරණ කටයුත්තක් බවට රටේ අධිකරණ පද්ධතිය විසින් තහවුරු කර ඇති බවයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන සැලසීමේ කටයුත්තේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුගමනය කර ඇති ක්‍රියාවලිය තුළ කිසිදු අයුරකින් දේශපාලන මැදිහත් වීමක් සිදු වී නොමැති බවත්, එම ක්‍රියාවලිය අතිශය විධිමත් සහ නීත්‍යානුකූල පදනමක් මත සිදුකිරීම පිළිබඳව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ස්තූතිවන්ත වන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

එමෙන්ම දේශප්‍රේමීත්වය වෙනුවෙන් පෙනී සිටි පසුගිය රජයන් විසින් සිදුකරන ලද විවිධ දේශද්‍රෝහී ක්‍රියා සහ අක්‍රමිකතා පිළිබඳව පසුගිය දා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් සිදුකළ හෙළිදරව් කිරීම් පදනම් කර ගනිමින්, එම අක්‍රමිකතා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම ද ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

Post Views: 2
Previous Post

හොඳක් නම් අහන්නේ නෑ

Next Post

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

editor

editor

Next Post

මුල්‍ය ගනුදෙනු විනිවිද කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved