අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.01ක් (ඩොලර් මිලියන 9,012.24ක්) ඉක්මවා ගොස් ඇති අතර, එය 2025 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි.
සමස්ත ආදායම ඉහළ ගියද, ඇඟලුම් අපනයන ආදායම 6.07%කින් (ඩොලර් මිලියන 2,442.09 දක්වා) සහ තේ අපනයන ආදායම 5.69%කින් (ඩොලර් මිලියන 700.80 දක්වා) පහළ ගොස් ඇත. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයන ආදායම 8.95%කින් සහ සේවා අපනයන ආදායම 4.49%කින් වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කරයි.














