27 April 2024
#දේශීය

අර්බුද හමුවේ ඉවසමු.. 05 වෙනිදායි පසුව යථාතත්ත්වයට පත් වෙයි – ඇමැති දිලුම්

ඉන්දීය ණය ආධාර ක්‍රම යටතේ අවශ්‍ය ඉන්ධන ලැබීමෙන් පසුව 05 වනදායි පසුව යථා තත්වයට පත්වෙයි යැයි විශ්වාස කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදහස් දක්වමින්, “යම් හේතුවක් නිසා ගොඩබාන්න තිබුණු තෙල් මෙක්ට්‍රින් ටොන් 37,000 ක් පමණ ගොඩබාලා නෑ. අපි ජනතාවට කියන්නේ මේ දින කිහිපය තුළ ඉවසිල්ලෙන් කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් අපිට සහතිකයක් දෙන්න පුළුවන් 04 දා ඉඳලා බාධාවකින් තොරව ඉන්දීය ණය ආධාර ක්‍රම යටතේ අවශ්‍ය ඉන්ධන අපිට ලැබෙන්නට නියමිතයි. 05 වැනි දායින් පසුව අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන් මෙය යථා තත්වයට පත්වෙයි කියලා. පෙට්ට්‍රෝලියම් එකත් සූදානම් වෙලා තිබෙනවා ඉන්ධන හිඟයකින් තොරව ලබා දීමට. ඒ වගේම සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රවලට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට කණගාටුවෙන් වුනත් දැනුම් දෙන්න සිදුවෙලා තියෙන්නේ අර්බුදකාරි තත්වය හමුවේ මේ දින කිහිපය තුළ අපි ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඕන වෙනවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනතාව යම් පිඩාකාරි තත්වයක සිටිනවා. එය රජය වගකිමක් ලෙස ගන්නවා. අපි පුළුවන් තරමින් ඉක්මණින් ජනතාව මේ පිඩාකාරි තත්වයෙන් ගලවගන්න උත්සහ කරනවා. අලුත් අවුරුද්ද සමය සඳහාත් සහන වැඩපිළිවෙළක් රජය සැලසුම් කරලා තිබෙනවා.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *