27 April 2024
#දේශීය

තනතුරු තිබුණත් නැතත් පක්ෂයක් ආණ්ඩවත් රකිනවා – මන්ත්‍රි රෝහණ කියයි

තනතුරු ඇතත් නැතත් පක්ෂයක් රජයත් දිවිහිමියෙන් රකින බව ආණ්ඩු පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු රෝහණ දිසානායක මහතා පවසයි.

මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ රත්තොට ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කාන්තා බල මණ්ඩලයට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද පැවසිය.” අද වන විට ඇතැම් පිරිස් හට මේ රට තිබුණු තත්වය ගැන මතකයක් නැහැ.එදා අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් ජනාධිපතිවරයා ඇතුලු ආරක්ෂක ප්‍රධානින් නැති කළා.එවන් අපහසු යුගයක් පසුකරගෙන මේ රට ආවේ.අද ඇතැම් පිරිස් හට ඒ දේවල් අමතක වෙලා.ඒ ගැන කණාගාටු වෙනවා.අද වන විට ලෝකයම වසා ගත් වංසගත තත්වය තුළ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු කළා.ඒ නිසා වෙනත් රටවල් වගේ නැතිව මිනිස් ජිවිත රැසක් බේරුණා.මේ සියල්ල ඉතා සැලසුම් සහගතව රජය විසින් සිදු කළා.රට ලොක්ඩවුන් කළ කාලය තුළ ජනාතවට මෙන්ම රාජ්‍ය සේවකයින්ට සහන සැලසුවා.නමුත් ඇතැම් පිරිස් හට ඒවා අමතක වෙලා තියෙන්නේ.විවිධ දේශපාලන වාසි තකා ඇතැම් පිරිස් රට අස්ථාවර කිරි සදහා උද්ඝෝෂන සිදු කළා.ඒ මේ රට නැවත සංවර්ධනය කර යන ගමන වලක්වාලිමටයි.නමුත් ජනතාව සියල්ල අවබෝධ කරගෙන ඉන්නේ .ඇතැම් විපක්ෂයේ බලවේග විසින් අ ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරිම සදහා යම් යම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා.පසුගිය කාලයේ ගුරුවරුන් ගොවින් ඇතුලු වෙනත් පිරිස් උද්ඝෝෂන සිදු කළේ ඉල්ලිම් දිනාගැනිමට නොව ඔවුන්ගේ දේශාපලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම සදහා.ඒ බව නෛාදැනුවත්ව සිටි ගොවින් ගුරුවරුන් හසුවුණා.නමුත් අපි ඒ අයට සාධාරණයක් සිදු වුවා.ඉදිරියේදි අය වැය මගින් ලබා දුන් සහන සියල්ල අප ලබා දිමට සුදානම් යැයිද මන්ත්‍රිවරයා පැවසිය.

මෙම අවස්ථාවට මන්ත්‍රිවරුන් වන මංජුලා දිසානායක,සමන්ප්‍රිය හේරත්,හිටපු පළාත් අමාත්‍ය බන්දුල යාලේගම,පොදුජන පෙරමුණු භාණ්ඩාගාරික නිශාන්ත ඩයස්,ඇතුලු දේශපාලන අධිකාරියේ පිරිස් ඇතුලු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *