• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන් කෙළවර කරමු – ඇමැති ඩලස් කියයි

5 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය පතුරුවාලන්නට අප සියලුදෙනා ජන හදට ලංවිම වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ,පසුගිය 03 වනදා කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ වර්ථමාන තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා සහභාගි වෙමිනි.

එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම, එහි දශක තුනහමාරකට වැඩි ගමන්මගෙහි ශක්තිමත් හා ස්ථාවර වර්ධනයක් කරා එළඹෙමින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ සමාගමක් බවට පත්ව ඇති අතර සමාගම වසර ගණනාවක් පුරා විදුලිය ජනනය, විදුලිබල යටිතල පහසුකම් සංවර්ධනය, විදුලිය බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් හා තාප ගිල්වුම් ගැලවනයිස් කිරීම වැනි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සම්පූර්ණ හර පද්ධතිය ආවරණය කරමින් විවිධ අංශයන් වෙත ව්‍යාපාරය විවිධාංගීකරණයට ලක්කර තිබේ.

එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සිය දේශීය නිම්වළලු පුලුල් කරමින් බංග්ලාදේශය, ටැන්සානියාව, උගන්ඩාව, කෙන්යාව, ඉතියෝපියාව, ඝානාව, ඕමානය, ඉන්දියාව, නේපාලය, ජෝර්දානය, මියෙන්මාරය, මාලදිවයින් දූපත් හා ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල විදුලි බලාගාර සදහා ආයෝජනය කරමින් හා ඉංජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සම්පූර්ණ කිරීමෙන් සාර්ථකත්වයක් ලබා ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට 63% ක්, සේවක හිමිකාරීත්වය සහිත ටෙක්පෝ ආයතනයට 10% ක් සහ පෙරදෙව් ආයතනයට 27% ක් වශයෙන් එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් ආයතයේ කොටස් බෙදී ගොස් තිබේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තයන් හා තරගකරමින්, විශිෂ්ඨත්වයේ හිනිපෙත්ත කරා පැමිණ ඇති බව ද පැවසූ විදුලිබල අමාත්‍යවරයා, එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සමග සමස්ත දිවයිනටම විදුලි බලය සපයන භාරධූර කර්තව්‍යයට සාර්ථකව උරදෙමින් සිටින බවත්, පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ස්ථාපනයට සහ සංවර්ධනයටද මහත් පිටිවහලක් වී ඇති බවත් පැවසීය.

එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ලංකාවේ විශාලතම ස්වාධීන විදුලිබල නිෂ්පාදකයා වෙමින්, කෙරවලපිටිය යුගධනවි බලාගාරය තුළින් ජාතික ජාලයට මෙගාවොට් 300 කට වැඩි විදුලි ධාරිතාවයක් සපයමින්, දෛනික විදුලි ඉල්ලුමට සුවිශාල දායකත්වයක් සැපයීම, ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් බව පැවසූ විෂයභාර අමාත්‍යවරයා, හොදින් පුහුණුව ලද, විනයගරුක, කාර්යශූර පිරිසක් වන සමාගමේ ජ්‍යේෂ්ඨ කළමණාකරණ කණ්ඩායම හා සේවක පිරිස සමාගමෙහි ආයතනික අරමුණු කරා ළගාවීම පිණිස දියත්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේය.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

නීතී විරෝධීව මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් විනාශ කිරීමට දුම්කොල සංස්ථාවට භාර දෙයි

Next Post

සමාජජාලා මගින් සිදු කරන වංචනික ක්‍රියාවලට හසුනොවන්නැයි මහජනතාවට දැනුවත් කරයි

editor

editor

Next Post

සමාජජාලා මගින් සිදු කරන වංචනික ක්‍රියාවලට හසුනොවන්නැයි මහජනතාවට දැනුවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved