• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පිවිසෙමු – අගමැති

23 November 2023
in දේශීය

සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගතවන, නව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා මෙහිද වැඩිදුරටත් මෙසේ පැවසිය “මැතිවරණ කොමිසම මෙතන සිටිනවා. සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ඉන්නවා. ඒ අය දන්නවා මේ මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්නට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්න බැරි අවස්ථාවකට පරිවර්තනය වීම නිසා තමයි වියදම් සොයා බැලීමේ යළි පනතක් ගේන්න සිද්ධ වුණේ. මේ වගේ වියදම් කරන මැතිවරණ ක්‍රමයකට සාමාන්‍ය අපේක්ෂකයන් මුහුණදෙන්න බැරි බව අග්‍රාමාත්‍යතුමා හැටියට මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ඔක්කොමලා එකතුවෙලා. මේ කරන්න බැරි මැතිවරණ ක්‍රමයකට එන අය අනිවාර්යයෙන්ම වෙනත් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වෙනවා. ඒ තුළින් සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය විසඳාගැනීම වෙනුවට වෙනත් මාර්ග වලට බහිනවා. එය ඉතාම කෙටියෙන් මම සඳහන් කළේ. ඒ නිසා එයින් මිදෙන්න පුළුවන් අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකට ගමන් කිරීමේ අවස්ථාවට සෑම මන්ත්‍රීවරයෙක්ට මැතිවරණ ආසනයක්, ඒ වගේම අනුපාතක ඡන්ද ක්‍රමයක් අන්තර්ගත පාර්ලිමේන්තුවේ ඒ සෑම ජනතා කොට්ඨාශයකටම සහභාගී වන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙයි. එය සාර්ථක කරගන්නට වැඩ කරමු. ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

ආර්ථික අර්බුදය විසඳීමට හැකිවන්නේ දිගු කාලීන වැඩපිළිවෙල ඔස්සේ – ඇමැති අලි සබ්‍රි

Next Post

මහ වැස්සට එප්පාවල වෙළඳසැල් ජලයෙන් යටවෙයි

editor

editor

Next Post

මහ වැස්සට එප්පාවල වෙළඳසැල් ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved