27 April 2024
#දේශීය

විදේශගතව පොහොට්ටුවට සද්ද දැමු ලාන්සා දිවයිනට

විදේශගතව සිට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද (23) අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාට සහාය පල කල යුතු බවට හා ඔහුට සහාය දක්වමින් නව සන්ධානයක් ද ආරම්භ කිරීමට ලාන්සා මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

දේශපාලන ආරංචි මාර්ග පවසා සිටියේ මෙම සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රබලයින්ගේ නොසතුටට හේතු වු බවයි.

එය මඟහැරීම සඳහා ලාන්සා මන්ත්‍රීවරයා විදේශ ගතවු බව වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු විදේශ ගතව සිටද තම සහාය වත්මන් ජනාධිපතිට බව යැයි ප්‍රකාශ කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර සිටියේය.

අද අලුයම මෙරටට පැමිණි ලාන්සා මන්ත්‍රීවරයාගේ නව සන්ධානයේ කටයුතු පිළිබඳ දේශපාලන ප්‍රබලයින්ගේ අවධානය මේ වන විට යොමුව ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *