27 April 2024
#දේශීය #පුවත්

තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් එකතු වෙමු – විපක්ෂනායක සජිත්

වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායක මේ බව කියා සිටියේ අද (4) සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා පැමිණි අවස්ථාවේදීය. ඒ අවස්ථාවේදී ඔහුට නාත්තන්ඩිය ආසන සංවිධායක ධුරය ද පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සමගි ජන සන්ධානයට එකතු වන සියලු දෙනාම එකතු වන්නේ කොන්දේසි විරහිතව ප්‍රශස්ත ප්‍රබුද්ධ දේශපාලනයක් ක්‍රියාත්මක කිරීමට බවත් මේ රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ පැත්තකට දමා ‘තමන්ට පෙර රට සහ තමන්ට පෙර ජනතාව’ යන උදාර සංකල්පය මත පදනම්ව පවුල් වාදයෙන් තොරව ජනතාවාදයෙන් යුත් දේශපාලන ප්‍රතිපත්තිමය ගමනක් යන්නට කටයුතු කරන බවයි.

මානුෂීය ධනවාදයත් යුක්තිය සාධාරණත්වය හා සමාජ යුතුකම ඉටු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් යන මාර්ග 2 මුසු කර ගෙන සමබර මැද මාවතක ගමන් කරමින් සිටින බවත් මෙය වරදාන වරප්‍රසාද ලබන සුන්දර ගමනක් නොව අමාරු ගමනක් බවත් එහි දී තමන්ගේ අයට වඩා ජනතාව ගැන සිතිය යුතු බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *