ලිබියාවේ ගිනිකොනදිග කලාපයේ කාන්තාර ප්‍රදේශයකදී ගමන් ගත් වාහනයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අසරණ වූ සංක්‍රමණිකයින් අවම වශයෙන් 06 දෙනෙකු මියගොස් සිටියදී සොයාගත් බව ලිබියානු ආරක්ෂක අංශ නිවේදනය කරයි.
ජාලු (Jalu) නගරයට කිලෝමීටර 200 ක් පමණ ඊසාන දෙසින් පිහිටි කාන්තාර සීමාවේදී මෙම මළසිරුරු සොයාගෙන ඇති අතර, ඉන් සිරුරු 02 ක් අක්‍රිය වූ වාහනය තුළ තිබී හමුවී ඇත. සසුන් ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනෙක් සිරුරු 04 වාහනයේ සිට කිලෝමීටර 04 ක් සහ 10 ක් දුරින් තිබී හමු වී තිබේ. අදාළ සිදුවීමට මුහුණ දුන් තවත් සංක්‍රමණිකයින් 19 දෙනෙකු මුදාගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර, අක්‍රිය වූ වාහනයේ තිබූ ඉන්ධන ලබාගෙන තවත් වාහනයක් ඔවුන් හැරගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇත. 2011 වසරෙන් පසු යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කරන පිරිස් සඳහා ලිබියාව ප්‍රධාන සංක්‍රමණික මාර්ගයක් බවට පත්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














