ලිදුල නගරයේ ගාල් කර තිබූ මෝටර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදි දෙකක් අනතුරට පත් කර පලා ගිය බොලරෝ වර්ගයේ කැබ් රථය සහ එහි රියදුරු සොයා ලිදුල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
නුවරඑලියේ සිට හැටන් දෙසට ධාවනය වූ මෙම බොලරෝ කැබ් රථය පසුගිය (28) දින අලුයම 4:30ට පමණ ලිදුල නගරයේ ගාල් කර තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. එහිදී මෝටර් රථය ඇදී ගොස් නගර මධ්‍යයේ ගාල් කර තිබූ වෑන් රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් එම වාහනවලට බරපතළ ලෙස හානි සිදුව ඇති බව ලිදුල පොලිසියේ රථවාහන අංශය පවසයි.














