2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ විභාග ප්‍රවේශ පත්‍ර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) ලබාගත හැකිය. මීට පෙර මෙම විභාගය අප්‍රේල් මස 26 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, නොවැළැක්විය හැකි හේතුවක් මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.
















