ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද, පාරිභෝගික සහනය තකා මැයි මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇත. වෙළෙඳපොළේ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතියද, පාරිභෝගිකයන්ට පීඩනයක් නොවන පරිදි පැරණි මිලටම ගෑස් සැපයීමට සමාගම මෙහිදී පියවර ගෙන ඇත.














