ළමා අපයෝජනය යනු රට පුරාම ව්‍යාප්ත වී ඇති බරපතල සමාජීය ගැටලුවක් බවත්, එය ඇතැම් කණ්ඩායම් ආගමික ආයතන තුළ පමණක් සිදුවන්නක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරන බවත් එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
එම පක්ෂය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
මෙම ගැටලුව ආගමික ආයතනවලින් ඔබ්බට ගොස් සමස්ත සමාජය පුරාම පැතිරී ඇති බව ඇතැම් පාර්ශ්ව පිළිගැනීමට අකමැති වීම ගැටලු සහගතය.
දරුවන් අපයෝජනයෙන් ආරක්ෂා කිරීම සඳහා වන නීති සම්පාදනය කිරීම සහ පවතින නීති ශක්තිමත් කිරීම උදෙසා සියලුම පාර්ශ්ව සමඟ පුළුල් පරාසයක සාකච්ඡා පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
මෙම කාරණය ආගමික අගතියෙන් හෝ දේශපාලනික පටු අරමුණු මතින් නොව, පොදු ජාතික වගකීමක් ලෙස සලකා විසඳිය යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.
















