ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, පසුගිය දිනවල පැවති අවප්‍රමාණය වීම ආපසු හරවමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (15) දිනයේදී ශක්තිමත් විය.
ඒ අනුව ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 336.58ක් ලෙසත් සටහන් විය. පසුගිය සිකුරාදා (12) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් සහ විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස පැවතිණි.
















