විවිධ ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑම් සහ දේපළ සොරකම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
මීරිගම, කිතුල්වල ඉහළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මෙම පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මෙම සැකකරු පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු සමඟ අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන් මාලවලට අදාළ රන්ගුලි 09ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (16) දින දක්වා රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
















