27 April 2024
#දේශීය

දේශිය ටින් මාළු රු.198 සතොස මගින් මිලදී ගන්නා බව ධිවර ඇමැති කියයි

දේශීය ටින් මාළු රුපියල් 198 ට සතොස මගින් මිළ දි ගැනීමට තිරණය කල බව ධිවර අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ පසුගිය 14 වනදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ජීවන වියදමි පිළිබද අමාත්‍ය කමිටුව රැස් වු අතර මෙහිදි පසුගිය දා ටින්මාළු මිල අඩුකිරීමට ගත් තීරණයට අනුව බවයි.

ඒ අනුව දේශීය ටින්මාළු නිෂ්පාදන සමාගම් 06 ක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට තම නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස කරණ ලද ඉල්ලීමට අනුව මෙරට නිෂ්පාදනය කරණ ලද ටින්මාළු සතොස මගින් රුපියල් 198 කට මිළදි ගැනීමට අවශ්‍ය කටයුතු සලසන බව ජනාධිපතිවරයා එහිදි පවසා සිටියහ.

රටතුල පවතින තත්වය හමුවේ දේශීය කර්මාන්ත කරුවා රැකගැනීමේ අවශ්‍යතාවය මත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමට අනුව විදේශයෙන් ගෙන්වන ටින්මාළු සීමා කිරීමටත් මෙරට නිෂ්පාදනය කරන ටින්මාළු සතොස හරහා පාරිභෝගිකයන්ට රුපියල් 200ට ලබා දීමට කටයුතු කිරීමෙන් දේශීය නිෂ්පාදනයට සෙත සැලසෙනු ඇතැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපෙක්ෂා කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *