ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත්, එය තවදුරටත් එම ප්‍රදේශයේම පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ හැසිරීම සහ වර්ධනය පිළිබඳව කාලගුණ බලධාරීන් නිරන්තර අවධානයෙන් පසුවෙයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් 2026 මැයි 17 වන දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.















