අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් තාවකාලිකව නතර කර තිබූ එල්.පී. ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (16) සිට යළි ආරම්භ කරන බව ගෑස් සමාගම් නිවේදනය කර තිබේ. ඒ අනුව ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම පවසන්නේ හම්බන්තොට සහ මාබිම පර්යන්ත හරහා ගෑස් මෙට්‍රික් ටොන් 5,000ක් අද දිනයේ වෙළඳපොළට මුදාහරින බවයි.
එමෙන්ම ලිට්‍රෝ ගෑස් (Litro Gas) සමාගම ද අද සිට සිය බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව තහවුරු කර ඇත. එළඹෙන මැයි මාසය දක්වා පාරිභෝගික ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් ගෑස් තොග මේ වන විට සතුව පවතින බැවින්, කිසිදු බාධාවකින් තොරව ගෑස් ලබාගත හැකි බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.














