ලන්ඩන් කොටස් වෙළෙඳපොළ සමූහය (LSEG), මෙම වසරේ පළමු කාර්තුව සඳහා විශ්ලේෂකයන් අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ ආදායමක් වාර්තා කර ඇති අතර, ඒ අනුව සිය වාර්ෂික ආදායම් ඉලක්ක ද ඉහළ නැංවීමට අද (23) පියවර ගත්තේය. දත්ත විශ්ලේෂණ (Data and Analytics) සහ වෙළෙඳපොළ පද්ධති (Market Platforms) අංශයන්හි දක්නට ලැබෙන ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මාර්තු මසින් අවසන් වූ මාස තුන තුළ සමාගමේ මුළු ආදායම 9.8% කින් වර්ධනය වී ඇති අතර, එය මීට පෙර අපේක්ෂා කළ 8% ක අගයට වඩා ඉහළ අගයකි. 2026 වසර පුරා කෘතිම බුද්ධි (AI) මෙවලම් සහ සේවාවන් හඳුන්වා දීමට වැඩි අවධානයක් යොමු කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ස්විමර් (David Schwimmer) ප්‍රකාශ කළේය. මේ අතර, සමාගමේ කොටස් වටිනාකම ඉහළ නංවා ගැනීම සඳහා වඩාත් ක්‍රියාකාරී පියවර ගන්නා ලෙස ප්‍රධාන පෙළේ ආයෝජකයන්ගෙන් ද LSEG ආයතනයට බලපෑම් එල්ල වෙමින් පවතී.














