ආයතනික සමාජ වගකීම්වලින් ඔබ්බට යමින් තිරසාර සංවර්ධන හා ප්‍රජා සුභසාධන වැඩසටහන් විධිමත් කිරීමේ අරමුණින්, ලුම්බිණි තේ නිම්න සිලෝන් සමාගම විසින් තම වාර්ෂික ශුද්ධ ලාභයෙන් 10%ක ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ලුම්බිණි මෙහෙවර තේ පුණ්‍යායතනය (සහතික) පුද්ගලික සමාගම හරහා ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී වැඩපිළිවෙළ මඟින් මෙරට වතු ආශ්‍රිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ ආයතනික අංශයේ සමාජ වගකීමේ නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම පුණ්‍ය අංශය හරහා සෞඛ්‍ය සේවා ප්‍රවේශය, වැඩිහිටි සත්කාර, ස්වාභාවික ආපදා සහන සහ ළමා අධ්‍යාපනය යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. විශේෂයෙන්ම පහසුකම් සීමිත ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් වාර්ෂික ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සංවිධානය කිරීම මෙන්ම, සෞඛ්‍ය අංශ සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන රුධිර පරිත්‍යාග ව්‍යාපාර හරහා මේ වන විට රුධිර පයින්ට් 15,000කට අධික ප්‍රමාණයක් එකතු කර රෝහල් පද්ධතියට දායක කර තිබීම මෙහි ප්‍රතිඵලයකි.
වතු ආශ්‍රිත ප්‍රදේශවල නිරන්තරයෙන් මතුවන ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික විපත්වලදී පීඩාවට පත් වන පවුල් වෙත කඩිනමින් සහන සැලසීමට මෙම අරමුදල් සෘජුවම දායක වන බව සමාගම අවධාරණය කරයි. ලාභයෙන් කොටසක් ප්‍රජාවට නැවත ලබා දීම තාවකාලික අලෙවිකරණ උපාය මාර්ගයක් නොව ස්වයංව පවරන ලද වගකීමක් ලෙස සලකමින් ක්‍රියාත්මක වන මෙම ආදර්ශවත් වැඩපිළිවෙළ, ඉදිරියේදීත් අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතය.
















